දේශීය පුවත්

මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මඟ’ සංවිධානයේ අපේක්ෂකයින් නවදෙනෙකු අතරින් අටදෙනකු ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර දෙකක් සමග ‘වියත්මඟ’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් දසදෙනෙක් පත් වී ඇත.

එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ කර ජයගෙන ඇති ‘වියත්මඟ’ නියෝජිතයින් මෙසේය.

1- කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් වීරසේකර

2- ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා

3- මාතලේ දිස්ත්‍රීක්කයෙන් නාලක කෝට්ටෙගොඩ

4- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආචාර්ය චන්න ජයසුමන

5- කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය ගුණපාල රත්නසේකර

6- මහනුවර දිස්ත්‍රික්කයේ නීතිඥ උදයන කිරිදිගොඩ

7- හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය උපුල් ගලප්පත්ති

8- දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තිලක් රාජපක්ෂ

මිට අමතරව ජාතික ලැයිස්තුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සහ සීතා අරඹේපොල යන නියෝජිතයින් දෙදෙනා ද පත්කර ඇත.

වියත්මඟ ‘සංවිධානය ඉදිරිපත් වී පරාජයට පත්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අනුර ප්‍රනාන්දු පමණි.

‘වියත්මඟ’ සංවිධානය 2019 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සංවිධානයකි. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දීමේ දී ඔහු ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයකු ලෙස හැඳින්වූ අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ නැත.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා බැගින් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණත්, මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව දිස්ත්‍රික්ක මට්ටමෙන් නාමයෝජනා ලබාදී තිබුණේ නමදෙනෙකුට පමණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More