නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කාන්තා මන්ත්‍රීවරියන් අටදෙෙනක් තේරීපත් වී සිටින අතර ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
ඉන් හය දෙනෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර ඉතිරි දෙදෙනා විපක්ෂය නියෝජනය කෙරේ.
ඒ අනුව වැඩිම කාන්තා නියෝජනයක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර, පොදුජන පෙරමුණෙන් තරග කළ පවිත්‍රාදේවි වන්නිආරච්චි හා මුදිතා ප්‍රසන්න සොයිසාද, සමගි ජන බලවේගයෙන් තරග කළ තලතා අතුකෝරලද ජය ලැබුවාය.
ඊට අමතරව පොදුජන පෙරමුණ යටතේ තරග කළ ගාල්ලේ ගීතා කුමාරසිංහද, කෑගල්ලේ රාජිකා වික්‍රමසිංහ, ගම්පහින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන සහ ජාතික සමගි ජන බලවේගයෙන් මාතලේට තරග කළ රෝහිණී කුමාරි නවරත්න යන අය ජය ලැබුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...