මුහුණු පොතෙන්

කොල්ලකෑ රන් මාලය ගිලලා

August 9, 2020 9:18 am | Lanka Lead News

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් පැහැරගෙන එය ගිල දැමු සැකකරුවෙකු එළඹෙන 21වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අද (08) නියෝග කළාය.

ඔහුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගෙන එය වැඩිදුර පරික්ෂණ සඳහා හැටන් පොලීසිය වෙත භාරදීමට ද නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලය අද පෙරවරුවේ මෙම සැකකරු විසින් පැහැරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලීසියට ලද පැමිණිල්ලක් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළෙඳසැල්වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා ඇත.

එහිදි සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පොලිස් නිලධාරින් සැකකරුව ලුහුබැඳි අවස්ථාවේ දී ඔහු එම රන් මාලය ගිල දමා තිබේ.

පසුව පොලිස් නිලධාරින් විසින් ඔහුව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර එක්ස්රේ ඡායාරූප ගෙන පරික්ෂා කර ඇත.

එහිදි ගිල දැමු රන්මාලය ඔහුගේ උදරයේ රැදි තිබෙන බව සොයාගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More