දේශීය පුවත්

ලෙබනනයේ බේරූට් නගරයේ අඟහරුවාදා (04) සිදුවූ පිපිරීමෙන් තවත් ලාංකිකයන් 7දෙනෙකු තුවාල ලබා ඇත.

ඒ අනුව තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති අතර බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ.

පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය දිනපතා විවෘතව තැබෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේය.

මෙම හදිසි තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් එරට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවාවන් සහ උපදෙස් ලබාගැනීමට පැමිණෙමින් සිටින බව ද ඇය පැවසීය.

කෙසේවෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ සහ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලෙබනන් රජය සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව ද ශානි කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More