දේශීය පුවත්

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද යන්න සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

එම පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපොහොසත් වුවද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

පක්‍ෂයේ නායකත්වය දරන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වන අතර ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කිරීමට නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.

මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ සිය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු කර තිබූ අතර එහිදී පැවති සාකච්ඡාවක හඩපටයක් මේ වන විට සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

එම හඩපටයට අනුව රැස්ව සිටි පාක්ෂිකයන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට දැඩිව ඉල්ලීමක් කරන අතර රතන හිමි ඒ  සඳහා ඉඩ ලබා දිය යුතු බවද ඉල්ලීමක් කරයි.

එම හඩපටය පහතින් –

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More