ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්‌ඩායම් සඳහා ගෝල්ඩ්කෝස්‌ට්‌හි ඉදිකර තිබෙන ක්‍රීඩා ගම්මානයේ තිබී එන්නත් කරන ලද සිරින්ජර කිහිපයක්‌ හමුවී තිබෙන අතර එම සිරින්ජර ඩී. එන්. ඒ. පරීක්‌ෂණයන් සඳහා තහනම් උත්තේජක විශේෂඥයන් වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා ගම්මානය පිරිසිදු කරන සේවිකාවකට හමුවී තිබෙන මෙම සිරින්ජර ක්‍රීඩා උළෙල වෙනුවෙන් පත්කර සිටින අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව මෙලෙස පරීක්‌ෂණය යොමු කෙරිණ.

යම් ක්‍රීඩකයෙක්‌ හෝ ක්‍රීඩිකාවක්‌ මේ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වුවහොත් එම පාර්ශ්වය සහභාගී වන සියලු තරග ඉසව්වන්ගෙන් ඉවත් කිරීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.

මෙලෙස හමුවී තිබෙන එන්නත් ඉන්දීය කණ්‌ඩායම නවාතැන්ගෙන සිටින කාමරය අසලින් හමුවී තිබෙන අතර ඉන්දියාවට අමතරව එම ගොඩනැගිල්ලේ තවත් රටවල් කිහිපයක කණ්‌ඩායම් නවාතැන්ගෙන තිබුණි.

තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනත් ගොඩනැගිල්ලක නවාතැන්ගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිලට විශේෂ පිළිගැනීමක්‌…

21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක්‌ ඊයේ (2දා) ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ්කෝස්‌ට්‌හිදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්‌ඩායමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම උත්සව අවස්‌ථාව සදහා සහභාගී වී සිටියේය.

ඔස්‌ටේ්‍රලියාවේ සාම්ප්‍රදායික නර්තනයක්‌ සමඟ පැවැති අදාළ උත්සවය සඳහා පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා ගම්මානයේ නගරාධිපතිනිය සහභාගී වූවාය. එහිදී ඇය විසින් ශ්‍රී ලංකා පිලේ කණ්‌ඩායම් ප්‍රධානී චන්දන ලියනගේ මහතාට සමරුඵලකයක්‌ පිරිනැමීමද විශේෂත්වයක්‌ විය.

ගෝල්ඩ්කෝස්‌ට්‌ වෙත සංචාරකයන් 670,000 ක්‌

පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ගෝල්ඩ්කෝස්‌ට්‌ වෙත මේ වෙනවිට 670,000 කට ආසන්න සංචාරකයන් පැමිණ තිබෙන අතර ඔවුන් උදෙසා පවතිනවාට වඩා විශේෂ ගමනාගමන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කිරීමට ඔස්‌ටේ්‍රලියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

ක්‍රීඩා උළෙල සඳහා 670,000 ක්‌ පමණ සංචාරකයන් ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ පහසුව උදෙසා පවතිනවාට වඩා රථවාහන ක්‍රමයේ ලොකු වෙනසක්‌ වෙනවා. බ්‍රිස්‌බේන් දුම්රිය පහසුකම් මේ වනවිට තුන් ගුණයකින් වැඩි කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. තරගාවලිය ආරම්භක දිනයේ සිට පැය 24 පුරාම අවශ්‍ය පරිදි ප්‍රවාහන කටයුතු සිදු වෙනවා යි ඔස්‌ටේ්‍රලියානු ප්‍රවාහන අමාත්‍ය මාක්‌ බේලි නිවේදනය කර සිටී.

සමාරම්භයට වැස්‌ස හරස්‌වෙයි?

ක්‍ර්‍රSඩා උළෙලේ ආරම්භක දිනය වන හෙට (04දා) ඔස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ්කෝaස්‌ට්‌හි වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ පවතින බවත් එය එළැඹන සිකුරාදා දක්‌වා පවතින බවටත් ඔස්‌ටේ්‍රලියානු කාලගුණ ආයතනය නිවේදනය කර සිටී.

කෙසේ නමුත් ඊයේ (2දා) සහ පෙරේදා දිනයන්හිදීද ගෝලඩ්කෝස්‌ට්‌ ප්‍රදේශයට කඩින් කඩ මද වැසි ඇද හැලුණි.

රැජිනගේ පණිවුඩය රැගත් යෂ්ටිය ගෝල්ඩ් කෝස්‌ට්‌ වෙත…

දින 385 තිස්‌සේ සංචාරයේ යෙදුණු රැජිනගේ පණිවුඩය රැගත් යෂ්ටිය මේ වනවිට ඔස්‌ටේ්‍රලියාව බලා පැමිණ තිබේ. ඔස්‌ටේ්‍රලියාව බලා පැමිණෙන විට අදාළ යෂ්ටිය කිලෝ මීටර් 230,000 ක දුරක්‌ ගමන්කර තිබුණු අතර එය පිළිගැනීම සඳහා දහසකට අධික ඔස්‌ටේ්‍රලියානු වැසියෝ රැස්‌ව සිටියහ.

මෙම යෂ්ටියේ රටවල් අතර සංචාරය ඉකුත් වසරේ මාර්තු 13 වැනිදා ආරම්භ විය. එය ඉකුත් ඔක්‌තෝබර් මස 12 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More