දේශීය පුවත්

අවසන් වුනු 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රකාශිත ඡන්ද 67600න් අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 49814ක් වන අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය දුන් 26.3%ක් ඒ මහතාට මනාප ලකුණු නොකිරීමට වග බලාගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ විජිත හේරත් මහතාට ගම්පහ දිස්තික්කයේ ජන බලවේගයට ප්‍රකාශිත ඡන්ද 61833න් ලබාගත හැකිව ඇත්තේ ඡ්න්ද 37008ක් පමණක් වන අතර ඒ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජන බල වේගයට ඡන්දය දුන් ඡ්න්ද දායකයන්ගෙන් 40%ක්ම මනාප ලකුණු කර නැත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවෙන්ම වැඩිම මනාප ලබාගත් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය දුන් ඡන්ද දායකයන්ගෙන් 18.86%ක් පමණක් මනාප ලකුනු නොකිරීමට වග බලා ගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ඡන්දය දුන් ඡන්ද දායකයන්ගෙන් 21.03%ක් සජිත් ප්‍රේමදාස මහතාට මනාප ලකුණු කර නැත.පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරඟ වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පෙරමුණට ඡන්දය දුන් පොලොන්නරුව ඡන්ද දායකයන්ගෙන් 38.55%ක්ම මනාප ලකුණු කර නැත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More