පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට හෝ අවසර නොදෙමින් නිශ්ප්‍රභා කළ බව වාර්තාවේ.
එම තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ලක් විසින් ඒකමතිකව ගනු ලැබූ බවද වාර්තාවේ. ඊට පෙර ඔහු රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම් වලින් ගැලවීම සඳහා කට්ටි පනිමින් සිටින අවස්තාවේ දී අධිකරණයේ අවසරය මත ඉරට්ටපෙරියකුලම නම් වූ වව්නියාවේ කුඩා පොලීසියකට කටඋත්තරයක් ලබා දී රහස් පොලීසිය මඟහරිනු ලැබීය.
රහස් පොලීසිය ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව මහජනයා විමසිල්ලෙන් සිටින නමුත් ආණ්ඩුවේම යම් පාර්ශව ඔහු ගලවාගෙන දේශපාලන උපාංගයක් ලෙස යොදා ගැනීමට උත්සාහ කරන බවට චෝදනා එල්ලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...