මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන හෙට (09) උදෑසන අග්‍රාමාත්‍යධුරයේ යළි දිවුරුම්දීමට නියමිතය.
ලැබූ විශිෂ්ඨ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි යැයි මහ මැතිවරණය ජයගැනීමෙන් සනාථ වන බවය.
2020 මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුදෙනාට තමාගේ සහ පක්ෂයේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අකර්මණ්‍ය වී ඇති කාලයක පැවැත්වූ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම පිළිබඳව රටක් වශයෙන් සතුටට පත්විය යුතු බව එහි සඳහන් විය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය ලබන 14දා බ්‍රහස්පතින්දාට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...