ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට විරුද්ධව දිගටම සටන ගෙනයන බව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (07 දා) පැවසීය.
2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නැවතත් ජිනීවා යෝජනාව ඉදිරිපත් වෙනවා. මේ නිසා නව රජයේ සහයෙන් අපේ සටන ඉදිරියටම කි‍්‍රයාත්මක කරනවා යැයි හෙතෙම තවදුරටත් කීවේය.
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කර බලය ලබාදීම ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සහ කොටි ඩයස්පෝරාව ලත් බරපතළ පරාජයක් බව වීරසේකර මහතා සඳහන් කළේය.
මේ අතර රජය 19 වන සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන බව රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිලි කර තිබෙන අතර 19 වැනි සංශෝධනය දිගටම කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලා ඇත.
එහෙත් මේ ඉල්ලීමට රජය ප‍්‍රතිචාර දක්වා නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...