ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ කිහිපයක් දිස්ත‍්‍රික්ක කිහිපයකට වෙනම තරග කර මන්ත‍්‍රී ආසන පහකට වැඩි ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කර තිබෙන බැවින් එම මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයත් සමග 150 ඉක්මවූ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ටී.එම්.වී.පී, ජාතික කොන්ග‍්‍රසය යන පක්ෂ මන්ත‍්‍රී ආසන එක බැගිනුත් ඊ.පී.ඞී.පී පක්ෂයට මන්ත‍්‍රී ආසන දෙකකුත් ලබා ඇති අතර එම මන්ත‍්‍රීවරුන් සමග තුනෙන් දෙකක බලයක් තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වන විට සිය පක්ෂයට තුනෙන් දෙකක බහුතරයක් තිබෙන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ශක්තියත් බලයත් නව රජය සතු වන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ රටේ මැතිවරණ දිස්ත‍්‍රික්ක 22න් දිස්ත‍්‍රික්ක 19ක් ජයග‍්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත්වූ බවත් මේසා විශාල ජයග‍්‍රහණයක් සිය පක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට ස්තුතිය පිරිනැමෙන බවත් හෙතෙම සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (7 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...