ලබන සැප්තැම්බර් 04 වන දිනට වසර 74ක් පිරෙන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා නිර්මාතෘ වූ එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය මෙවර මහ මැතිවරණයේ ලැබුවද එහි වගකීම ගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ කිසිදු අදහසක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් එකදු මන්ත්‍රී වරයෙකුවත් තේරී පත් කර ගැනීමට එජාපයට නොහැකි වූ අතර හිමි වුයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි.
74 වසර එජාප ඉතිහාසයේ වසර 26ක්ම පක්ෂයට නායකත්වය දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.
මෙවර මහ මැතිවරණයේදී ලැබූ අන්ත පරාජය ගැන මේ වන තුරුත් කිසිවක් ප්‍රකාශ කර නොමැති වික්‍රමසිංහ මහතා යළි පක්ෂය බිංදුවේ සිට ගොඩ නගන බව පමණක් ප්‍රකාශ කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...