එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රීධුරය සඳහා මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති දෙපලක් කුලල් කා ගැනීමට පටන් ගෙන ඇති බව එජාප ආරංචිමාර්ග කියයි.
මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ මෙම එජාප ප්‍රබලයින් දෙදෙනා තමන්ට අදාල මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
පරාජිත අපේක්ෂකයින් කිසිවකුටත් පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තුව ලබා නොදෙන බව එජාප මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ම සඳහාන්ව ඇති බැවින් කිසි සේත්ම පරාජිතයකුට පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. මෙය තමන්ටද එක සේ අදාල බව වික්‍රමසිංහ මහතා තමන්ගේ අතිශය සමීපතමයකු සමග පවසා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...