දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉකුත් වර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුට සිය මන්තී‍්‍ර ධුර අහිමි වී තිබේ. ඒ අනුව මෙවර මන්තී‍්‍ර ධුර අහිමිව ඇත්තේ මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන්ටයි.

මේ අතර යාපනය දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සමත්ව තිබේ. ඒ, තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්‍ෂයෙන්. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 31,554 ක්. අංගජන් රාමනාදන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මෙවර යාපනය දිස්ති‍්‍රක්කය සදහා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂයෙන් යාපනය දිස්ති‍්‍රක්කයට තේරී පත්ව ඇත්තේ සිවඥානම් ශී‍්‍රධරන්, එම් ඒ සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්ය.

ඊ පී ඞී පී සංවිධානයෙන් ඩග්ලස් දේවානන්දන් යාපනය දිස්ති‍්‍රක්කය සදහා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.

මේ අතර වන්නි දිස්ති‍්‍රක්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය නියෝජනය කරමින් චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ එස් යෝගරාජලිංගම් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි. සමගි ජන බලවේගය නියෝජනය කළ රිෂාඞ් බදියුදීන්ද මනාප 28,203 ක් ලබා මෙවර වන්නි දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More