ව්‍යාපාරික පුවත්

2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය. මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17 කින් සමන්විත විය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 1 බැගින් හිමිවූයේ කෙසේද යන්න, බොහෝ දෙනාගේ විමසුම් ඇස යොමු වූ කරුණකි.

පාර්ලිමේන්තුවට පත්වන මුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 29 කි. මෙය ගණනය කෙරෙනුයේ එක් එක් පක්ෂය ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව, මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් බෙදා 29 න් ගුණ කිරීමෙනි. එහිදී එන අගයයන් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වැටයීමෙන් පසු ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ සඳහා හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කෙරේ. මෙම ගණනයෙන් පසු ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ඇත.

ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු පහත පරිදි ගණනය කර පෙන්විය හැකිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ; (6,853,698/11,598,929) x 29 = 17.13 ♎︎ 17

සමගි ජන බලවේගය ; (2,771,980/11,598,929) x 29 = 6.93 ♎︎ 7

ජාතික ජන බලවේගය ; (445,958/11,598,929) x 29 = 1.11 ♎︎ 1

ඉලංකෙයි තමිල් අරුසු කච්චි ; (327,168/11,598,929) x 29 = 0.81 ♎︎ 1

එක්සත් ජාතික පක්ෂය ; (249,435/11,598,929) x 29 = 0.62 ♎︎ 1

ඉහත පක්ෂ 5 අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 27 ක් බෙදී ගොස් ඇති අතර තවත් මන්ත්‍රී ධූර 2 ක් ඉතිරිව ඇත.  මෙම ආසන 2 මීළඟට වැඩිම ඡන්ද ලබා ඇති අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් හා අපේ ජන බල පක්ෂය වෙත බෙදී ගොස් ඇත. නමුත් මෙම පක්ෂ දෙකම ලබා ඇත්තේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 0.58% ක් බැගිනි.

එමෙන්ම 0.58% ක ප්‍රත්ශතයක් ලැබූ තමිල් මක්කල් විදුතලයි පුලිකල් පක්ෂය සමස්ත මැතිවරණයෙන් ඡන්ද 67,692 ක් ලබා ඇති අතර එක් මන්ත්‍රී ආසනයකට හිමිකම් කියනු ලබයි. කෙසේ වෙතත් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය අහිමිව ඇත්තේ අපේ ජන බල පක්ෂයට වඩා ඡන්ද 66 ක් පිටුපස සිටීම හේතුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More