දේශීය පුවත්

ගෝඨාට වැඩ කරන්න බලය දෙති

August 7, 2020 9:00 am | Lanka Lead News

නවවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්ක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 145ක් ලබා ගනිද්දී දෙවැනි තැනට පත්ව සිටින සමඟි ජන බලවේගය ඡන්ද 2,771,984ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 54ක් ලබාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද 4,081,709 ලබා ගනිමින් මෙම මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ඒ අනුව එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත. ඒ අනුව එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත. මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නුවරඑළිය, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, මාතලේ, කෑගල්ල, කුරුණැගල, රත්නපුර, ගම්පහ, කොළඹ, මහනුවර, දිගාමඩුල්ල, පුත්තලම සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සියල්ල විශිෂ්ඨ ලෙස ජය ගැනීමට සමත්ව විය.

සමඟ ජන බලවේගය ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙන අතර එම පක්ෂය දිනාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 47කි. ඊට අමතරව මඩකලපුව, යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක ජයගත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මන්ත්‍රී ආසන 9ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඊට අමතරව ජාතික ජන බලවේගය විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන එක බැඟින් ආසන දෙකක් දිනාගෙන සිටී.

වන්නි සහ යාපනය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඊ.පී.ඩී.පී පක්ෂය මන්ත්‍රී ආසන දෙකක් දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් දිනාගෙන ඇත. තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද ජාතික කොංග්‍රසය දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් ද දිනාගෙන තිබේ.

මේ අතර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද එම දිස්ත්‍රික්කයෙන්ම තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් ජාතික සන්ධානය සඳහා එක් මන්ත්‍රී ආසනයක් ද හිමිව තිබේ. ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව උඩුයටිකුරු කළ මැතිවරණයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණය හදුන්වා දියහැකි අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 24 දෙනෙකු මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වීම ද විශේෂත්වයකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන තිබෙන අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් ලැබී තිබේ. එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමිවී නොමැති අතර එම දිස්ත්‍රික්කයේ ආසන 10 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 430,334ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 115,456ක් ලැබී තිබේ. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29963ක් වන අතර එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 18968ක් ලබාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826,939ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645,803 කි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක් ද වලංගු ඡන්ද සංඛ්‍යාව 610,052ක්ද වෙයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 70.54ක් ලැබී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More