ව්‍යාපාරික පුවත්

පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර තිබේ.

මේ අනුව යම්කිසි සේවකයෙකු විසින් මාසිකව ලබන ලාභය රුපියල් 100,000 සීමාව දක්වා බදු නිදහස් වන අතර ලක්ෂයේ සිට එක් එක් අදියරයන් සඳහා පහත දක්වා ඇති පරිදි Paye බදු ගෙවීම ගණනය කරනු ඇත.

මීට අමතරව සේවකයාගේ ලාභය යන්නට ඔහුට ආයතනයෙන් හිමිවෙන දුරකථන දීමනා, නිවාස කුලී දීමනා, විනෝදාස්වාද දීමනා ආදිය ද අන්තර්ගත වේ.

මෙහිදී සේවකයෙකු ලබන ලාභය යන්නට වැටුප්, වේතන, කොමිස්, අතිකාල, ප්‍රවාහන දීමනා, ඇතුළු අදාළ කාලපරිච්ඡේදය තුළ දී සේවකයා ලද සියලුම ලැබීම් අන්තර්ගත වේ.

මේ පිළිබඳ දළ සටහනක් පහත දැක් වේ.

එක් එක් වැටුප් මට්ටම්වල දී Paye බදු ගෙවීම ගණනය වන ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි පහත සඳහන් පිටුව වෙත පිවිසීමෙන් දැන ගත හැකිය.

http://www.ird.gov.lk/si/publications/PAYE%20Tax%20Tables/2018-2019/Table%20%E2%80%93%201/Table%201%20-%20Tax%20Table%2001.pdf
biz.adaderana.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More