මෙවර මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවද තමන් කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි.
පක්ෂය ලැබූ දැවැන්ත පරාජය හමුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කතා කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කර ඇති බව පැවසේ.
තමන් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටින බවත්, පක්ෂයේ කිසිදු තනතුරක් වෙනස් නොකරන බවත්, සිරිකොත පක්ෂ මූලස්ථානය කිසිවකුටත් අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී දැනුම් දී ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් ඩී.එස්. සේනානයක මහතා නිර්මාණය කළ මෙම ඓතිහාසික පක්ෂය තවදුරටත් විනාශ නොකරන ලෙස මෙහිදී ඇතැමුන් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතත් ඉදිරි අවුරුදු පහ තුළද තමන් නායකත්වයේ රැදෙමින් නිසි පුද්ගලයකුට පක්ෂය බාර දීමට ක්‍රියාකරන බවද එම ජ්‍යෙෂ්ඨයන්ට වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Ekak hamba Una Mula inda patanganna ona.