“එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්‍රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා” යෑයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ” යෑයිද රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.
එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්වූ පක්‍ෂයක් වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්‍ෂ නායකත්වයයි.
ඒ නිසා තමයි අපි කිව්වේ පක්‍ෂයට ප්‍රතිසංවිධානයක් ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.
මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක් නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නොවෙයි. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක් නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි” යනුවෙන් රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...