දේශීය පුවත්

අධික වැසි සහ තද සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක එලෙස විදුලිය බිදවැටී ඇති බවය.

කොළඹ, කළුතර, රත්නපුර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.

අදාළ ප්‍රදේශවල විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දුම්රියට මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More