පුරවැසි කොලම

ලෙබනන අගනුවර අද එකම විසාලාවක් බවට පත්ව ඇතැයි කිවහොත් නිවැරදිය. ලෝක යුද්ධයක් නොමැති සාමකාමී සමයක සිදුවූ විශාලම පිපිරීම පෙරේදා සවස බේරුට් නගරයෙන් වාර්තා වීම නිසාය. එම පිපිරීමේ ප‍්‍රමාණය හිරෝෂිමාවේ පුපුරා ගිය පරමාණු බෝම්බය මෙන් පහෙන් එකක ප‍්‍රමාණයකි.

 

ඇත්තෙන්ම එය කුඩා පරමාණු බෝම්බ පිපිරීමක් කිවහොත් නිවැරදිය. මේ නිසා මියගිය පිරිස සියය ඉක්මවා ඇති අතර තුවාල ලැබූ පිරිස හාර දහසද ඉක්මවා තිබේ. කාලය ගතවෙත්ම නිරන්තරව  තුවාලකරුවන් මෙන්ම මරණද වාර්තාවීම වැඩිවේ. මෙම පිපිරීමේ බලය කොපමණද යත් බේරුට් වරායේ සිට කිලෝමීටර 125ක් ඈතින් පිහිටි සයිප‍්‍රසයේ නගරයක් වන ලර්නාකා නගරයේත් වීදුරු හා නිවාස දෙදරුම් කා තිබේ. ඇමෙරිකානු එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ බේරුට් නගරයේ හටගත් පිපිරීමෙන් 3.3 ක රිච්ටර් අගයක භූ කම්පනයක් සිදුව තිබෙන බවයි. වරාය ආශ‍්‍රිතව හටගත් ගින්නකින් අනතුරුව විශාල හත්තක් වැනි වළාවක් මතු කරමින් හටගත් පිපිරීමෙන් බේරූට් නගරය දෙදරුම් කැවිණි. ලෙබනන් ජනාධිපති මීෂෙල් අවුන් පැවසුවේ වරාය ප‍්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනියම් නයිටේ‍්‍රට් ටොන් 2,750 ක් ඉතා අනාරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබූ බවකි. මේවා පිපිරිමෙන් මේ මහා විනාශය සිදුවිය.

leb2

 

පෙරේදා දිනයේ හදිසි කැබිනට් රැුස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා, සති දෙකක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළ යුතු බව කීය. බදාදා සිට ලෙබනනය තුළ දින තුනක ශෝක කාලයක් ක‍්‍රියාත්මක කෙරේ. මෙම විනාශය ගැන මාධ්‍යවේදීන් පැහැදිලි කිරීමට පැමිණි බේරුට් ආණ්ඩුකාර මාර්වාන් අබුඞ් සිය දුක වාවාගනු නොහැකිව හඬා වැටෙනු දක්නට ලැබිණි. මෙම පිපිරීම පිළිබඳ විශේෂ ප‍්‍රකාශය කළ ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා තිබුණේ මෙහිදී බෝම්බ පිපිරීමක් ද සිදුව ඇති බවට සැක කරන බවයි. කෙසේ නමුත් බේරුට් වරායේ වැද්දුම් ශිල්පියකු සිය කාර්යයේ යෙදෙන අතර ඇතිවූ ගින්නක් හරහා මේ මහා පිපිරීම සිදුව ඇති බව හෙළිව ඇත.

 

leb4

පිපිරීම පිළිබඳ බීබීසී සිංහල සේවයට විස්තර කළ ලෙබනනයේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කියා සිටියේ බේරූට් නුවර තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී තිබෙන බවය. පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරිනි. එහෙත් එහි කම්පනය බොහෝ ප‍්‍රදේශයකට පැතිරී තිබේ. ”මම කාර් එකේ එනකොට කාර් එක එකපාරටම උඩට ඉස්සුණා. අපි හිතුව පිටිපස්සෙන් ආපු කාර් එක හැප්පුවා කියල. ඒත් පස්ස බැලූවම කාර් එකක් තිබුණේ නෑ. එතකොටම ගිනි බෝලයක් වගේ දෙයක් උඩ යනව දැක්ක. ඊට පස්සේ පළාතම සුදු පාටින් වැහිලා ගියා. දැන් මුළු බේරූට් ම දුමාරෙන් වැහිලා. එම්බසි එකේ ලොකු රෝලර් ශටර් එකක් තියෙනව ඒක ඇඹරිලා  ගිහිල්ල. සමහර පැතිවල ලයිට් නෑ, අපිට ලයිට් තියෙනව.” බේරූට්හි පදිංචි නාඩා හම්සාට මේ පිපිරීමේ කම්පනය තවම දරාගත නොහැක. ”මම වරායට සමාන්තරව පිහිටි ලෙබනනයේ විදුලි  බලාගාරයට මීටර කිහිපයක් ඈතින් සිටියා. ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මම තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා.” ලෙබනන රතුකුරුස සමාජයේ ප‍්‍රධානි ජෝර්ජ් කෙටානි පවසන්නේ විනාශය දරා ගැනීමට අපහසු බවයි.

මෙය ලෝක විනාශය හා සමාන බව හෙතෙම කියයි. හැමතැනම මිනී, තුවාල කාරයෝ හෙතෙම කියයි. මෙම පිපිරීම වාර්තා වී ඇත්තේ එරට වේලාවෙන් සවස හයට පමණය. මෙම මහා පිපිරීම සිදු වූයේ ලෙබනනයට සංවේදී කාල වකවානුවකදීය. එනම් හිටපු අගමැති රෆික් හරිරි 2005 වසරේදී මරාදැමීමට අදාළ නඩුවිභාගයේ තීන්දුව ප‍්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදීය. එසේම ලෙබනන් ආණ්ඩුව සම්බන්ධව විශාල ජනතා විරෝධයක් එල්ලවෙමින් පවතින සමයකය. කොවිඞ් වසංගතය පැතිරෙන සමයේදී ලෙබනන් ජනතාව වීදි බැස උද්ඝෝෂණය කළේ රට බංකොලොත් කිරීම වැළැක්වීමට වහා ආණ්ඩුව පියවර ගත යුතු බව පවසමිනි. නමුත් අඟහරුවාදා පිපිරීම ලෙබනනයේ ඉරණම වෙනස් කිරීමට සමත් විය.

leb3

මෝටර් රථ බෝම්බයකින් හරිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනෙකුට අදාළ නඩු විභාගය එක්සත් ජාතීන්ගේ අධිකරණයක් හමුවේ විභාග කෙරිණි. එහි තීන්දුව ලබන සිකුරාදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

බේරූට් පිපිරීම නිසාම හිරෝෂිමා බෝම්බයේ අතීතය සිහි කිරීම වටී. ඇත්තෙන්ම ”ලිට්ල් මෑන්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ලොව පළමු පරමාණුක බෝම්බය හිරෝෂිමා නගරය මධ්‍යයට හෙළනු ලැබීය. එය ගුවන් යානයෙන් මුක්ත වී තත්පර 43කට පසුව හිරෝෂිමා නගරයට අඩි 1900ක් පමණ ඉහළ අහසේ දී එම මාරාන්තික බෝම්බය පුපුරා ගියේ මුළු මිහිතලයම කම්පා කරවමිනි. එක් මොහොතකින් හිරෝෂිමා මහා පුරවරය අළු දුහුවිලි ගොඩක් බවට පත්

වූයේ ය. අඩි දහස්   ගණනක් උසට බුර බුරා නැඟි දුම්රොටුවලින් හා ගන ¥ලි වලාකුළුවලින් මුළු නගරයම වැසී ගියේ ගන අන්ධකාරයක් ද උත්පාදනය කරවමිනි. බලගැන්වූ කොන්ක‍්‍රීට්වලින් සාදා තුබූ  ගොඩනැගිලි කිහිපයක කණු ස්වල්ප ප‍්‍රමාණයක් හැර බෝම්බය පුපුරා ගිය ස්ථානයට වටේ වර්ග කිලෝමීටර් 1.6 ක භූමි ප‍්‍රදේශයේ වූ සියලූ ජීවී අජීවී වස්තූන් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් තිබිණි. බෝම්බය පිපිරීමෙන් හටගත් මහා අග්නිජාලාව වර්ග කිලෝමීටර් එකොළහක භූමි ප‍්‍රදේශය පුරා ක්ෂණිකව ව්‍යාප්ත වූයේ දහස් ගණනක් දවා පුළුස්සා දමමිනි. වේදනාවේ විලාපය හිරෝෂිමා නගරය පුරා රැුව් පිළිරැුව් දුන්න ද විපතට පත්වූවන් බේරාගැනීමට හැකි ශරීර ශක්තියෙන් යුතු කිසිවකු ඒ නුවර ඒ මොහොතේ නොවූයේ ය. 65000 – 75000 ක් අතර නගරවාසීහු පිරිසක් ක්ෂණයකින් මිය ගියෝය. ලක්ෂයකට වැඩි පිරිසක් දරුණු තුවාලවලට ලක් වී ආබාධිත වූහ.

ගොඩනැගිලි කඩා වැටීමෙන් වැළලී ගිය  නගරවැසියන්ගේ ප‍්‍රමාණය ගැන අදටත් නිශ්චිත අදහසක් නැත. ඒ අත්දැකීම තරම් නොවුණ ද සුවිසල් විනාශයක් අත්දකින්නට ලෙබනන් වැසියන්ට සිදුව තිබේ. මෙය සැබැවින්ම ඛේදයකි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More