දේශීය පුවත්

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77ක දී අද (06) ආරම්භ විමට නියමිතව තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේ කටයුතු ඊයේ (05) පස්වරු 5.00ට අවසන් වුණි.

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද පස්වරු 2.30ත් 3.30ත් අතර කාලය තුළ ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ සියලු ඡන්ද පෙට්ටි විවෘත කිරීම සිදු කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More