දේශීය පුවත්

ජනතාව විසින් තුනෙන් දෙකේ බලය ලබාදුන්නේ නැති නම් තමා එය පාර්ලිමේන්තුවේදී හදාගන්නා බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළා යැයි කියන ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබීය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,

” ඔය කියන ප්‍රකාශය ඇත්තටම අගමැතිතුමා විසින් කළානම් අපි බලවත් කම්පාවට පත්වෙනවා. ඒ මඟින් පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට ” කොකා පෙන්වීමක් ” සිදු වෙනවා. උඹලා දුන්නත් නැතත් අපි ගන්නවා කියලද ඒ කියන්නේ. ඒක බරපතල ප්‍රකාශයක්. අපට හිතෙනවා එතුමා අතීතයේ වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නේ නැහැ කියලා.

රනිල්, සජිත්, සම්බන්ධන් යන කුමන පිලෙන් උදව් අරගෙන ජාතික ආණ්ඩු හදලා තුනෙන් දෙක ගත්තත් ඒ බලය අවසානයේදී බෙදුම්වාදී ජාතිවාදී බලවේග වල උවමනාව වෙනුවෙන් යොදා ගන්නා බවට අපිට නම් කිසිඳු සැකයක් නැහැ. මහින්ද මහත්තයාලා ජනතාවගෙන් තුනෙන් දෙක ඉල්ලුවට ඒක ලබාගෙන හරියටම මොනවද කරන්නේ කියලා කිව්වෙ නැහැ. දැන් ජනතාවට දොස් කියලා සතුරාට ගොදුරු වීම බරපතල වරදක්. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More