දේශීය පුවත්

මෙම මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු දිවයින පුරා ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71කදී අද (6 වැනිදා) පෙරවරු 7.00ට සහ 8.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය අද (6 වැනිදා) සවස තේ පානයට පෙරත්, සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විටදීත්, මනාප ප්‍රතිඵල හෙට (7 වැනිදා) මධ්‍යම රාත්‍රිය වන විටත් නිකුත් කිරීමට හැකිවෙතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ප්‍රකාශ කරන ලද ඡන්ද සහිත පෙට්ටි මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අත්සන් යොදා, මුද්‍රා සහ අගුළු දැමීමෙන් අනතුරුව විශාල පොලිතින් උරයක බහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඊයේ (5 වැනිදා) සවස ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී. පසුව එම මධ්‍යස්ථානවල කාමරයක සුරක්ෂිතව එම ඡන්ද පෙට්ටි තැබීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේය. එම ස්ථානය පිටත සිට නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන පක්ෂයකින්/ කණ්ඩායමකින් නියෝජිතයන් දෙදෙනා බැගින් යෙදවීමටද අවසරය ලබාදී තිබිණි.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71ක පරිශ්‍ර 2800 කදී ඡන්දය ගණනය කිරීමේ කටයුතු සිදුකෙරේ.

කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය රීතීන්ට අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇත.

ඡන්ද ගණන් කිරීමේ පළමු අදියරේදී එක් එක් ඡන්ද පෙට්ටියේ තිබෙන ඡන්ද සංඛ්‍යාව ගණනය කෙරේ. දෙවැනි අදියරේදී පක්ෂ සහ කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කෙරෙන අතර, තෙවැනි අදියරේදී මනාප ගණන් කිරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එක් එක් අදියරය සඳහා යෙදවිය හැකි දේශපාලන පක්ෂ නියෝජිතයන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා නිකුත් කරන ලද අංක 2186/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇත.

මනාප ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අතිරේක නියෝජිතයන් පිරිසක් යෙදවීමට දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට අවසරය ලබාදීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂක කටයුතු සඳහා පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More