එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් එක් ඡන්ද ප්‍රදේශයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගින් අද (05) දින රාත්‍රියේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයේ රැඳී සිටීමට අවසර දෙන බව මැතිවරණ කොමිසම පවසයි.
එබැවින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී, ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එසේම මනාප ගණන් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා අතිරේක නියෝජිතයින් සංඛ්‍යාවක් යෙදවීමට අවසර දී ඇති බවද එම කොමිසම සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...