දේශීය පුවත්

දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් තිබේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ලබාදුන් තොරතුරුවලට අනුව ඇතැම් දිස්ත්‍රික්කවලින් අද (05) පස්වරු 02.00 වන විට සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද පස්වරු 02.00 වන විට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

කළුතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ද සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සඳහන් කළේය.

සවස 2 වනවිට ප්‍රකාශිත ප්‍රතිශතය

නුවරඑළිය 65%
කළුතර 60%
හම්බන්තොට 60%
මහනුවර 55%
ගාල්ල 55%
වන්නි 55%
රත්නපුර 55%
යාපනය 53%
කුරුණෑගල
දිගාමඩුල්ල 55%
බදුල්ල
මාතර
මඩකලපුව 55%
පුත්තලම
ගම්පහ 53%
පොළොන්නරුව 55%
මාතලේ 58%
මොනරාගල 56%

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට ඇත්තේ තවත් පැය දෙකක වඩා අඩු කාල සීමාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More