ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී තිබේ.
එක්සත් ජාතික ප්කසයේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔවුන් ජනාධීපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව ආරක්ෂා කර දෙන ලෙසයි.
නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට යහපත් ප්‍රතිචාරයක් දකවා නොමැති බව වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් විශ්වාසභංග යෝජනාවට පක්ෂ බැවින් ඔවුන් සමග සාකච්ඡාකර තමාගේ ස්ථාවරය දැනුම්දෙන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාහකර තිබේ.
මේ අනුව හෙට (03) වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ප්‍රථම යළිත් අමාත්‍යවරුන් ජනාධිපති නිලනිවසේදී ජනාධිපති හමුවීමට නියමිතයි.
අද පැවති සාකච්ඡාව සවස 6.30 සට රාත්‍රි 8.10 දක්වා ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...