දේශීය පුවත්

SF ලොක්කා මරුට

August 5, 2020 1:18 pm | Lanka Lead News

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 33 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More