ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් සිදුකරයි.
බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.
තමන් ඡන්ද දායකයෙකු ලෙස ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011න් පසුව බවත් එහිදී ඒ මහතා ප්‍රකාශ කළේය.
“මට ඕනේ වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නෑ, ඡන්දපොළ සුරක්ෂිතයි..බය නැතුව ඡන්දේ දාන්න එන්න..”
“ඒ ඡන්දපොළේ ඔබට කිසිදු ගැටලුවක් නැතුව ඡන්දේ දාන්න පුළුවන්..”
“අපේ ඉල්ලීම තරුණයින්ට එන්න ඡන්දේ දාන්න, තමන්ගේ අයියලා අක්කලා, අම්මලා තාත්තලා, ආච්චිලා සීයලාට එන්න කියන්න ඡන්දේ දාන්න..ඡන්දේ ඔබේ අයිතියයි.. ඔබේ හඬයි..ඔබේ අනාගතයයි..” යනුවෙන් ද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...