දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණි.

අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ඡන්දය භාවිත කිරිම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

2019 ඡන්ද නාමලේඛනයට අනුව මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසුපහකි.

මින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර එම සංඛ්‍යාව දාහත් ලක්ෂ අසුපන්දහස් නවසිය හැටහතරක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 ලක්ෂ 9209 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 13 ලක්ෂ 48,787 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන 11ලක්ෂ 29,100 ක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 87,024ක් වන බව සඳහන් වේ.

මේ අතර මෙවර මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් සභිකයින් 19 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් දස දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබේ.

ගාල්ල, කෑගල්ල, බදුල්ල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 9 දෙනා බැගින් ද, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 8 දෙනා බැගින් තෝරාපත් කර ගැනීමට නියමිතය.

මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 7 දෙනා බැගින් පත් කර ගැනීමට නියමිත අතර වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් සභිකයින් 6 දෙනා බැගින්ද, පොළොන්නරුව, මඩකලපුව, මාතලේ යන දිස්ත්‍රික්කවලින් සභිකයින් 5 දෙනා බැගින් ද ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් සභිකයින් සිව් දෙනෙකු ද මෙවර මහ මැතිවරණයේ දී තෝරාපත් කර ගැනෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More