ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉරානයට ගෙවිය යුතුව ඇති හිඟ මුදල් පියවීම සඳහා පසුගිය රජය විසින් 2019 වසරේදී යෝජනා කළ ‘තෙල් සඳහා තේ’ ගනුදෙනුව අත්හැර දැමීමට වත්මන් රජය තීරණය කර ඇත. එවකට වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වූ නවීන් දිසානායක විසින් ගෙන එන ලද මෙම යෝජනාව අත්හැර දැමීමට තීරණය වී ඇත්තේ දැනට අන්තර්ජාතික වෙළෙඳපොළේ තේ සහ තෙල් මිල සැසඳීමට අපහසුවීම හේතුවෙනි.

එක්සත් ජනපදය සහ තවත් බටහිර රටවල් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක දැඩි කිරීම හේතුවෙන් කොළඹ තේ වෙන්දේසියටද ඍණාත්මක බලපෑමක් එල්ල කර තිබේ. තේ යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානුෂීය හේතුන් මත වෙළෙඳාම් කිරීමට අවස්ථා ලබා දී ඇති ආහාර ද්‍රව්‍යයක් වන නමුත් ඉරානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් බැංකු පද්ධතියක් නොමැති වීම ශ්‍රී ලංකාව අදාළ තේ- තෙල් හුවමාරු ගිවිසුමට එළඹීමෙන් වැළකී සිටීමට තවත් හේතුවක් වී ඇත.

අදාළ ගිවිසුම යටතේ ඉරානයට ඩොලර්වලින් ගෙවිය යුතු ණය මුදල රුපියල්වලින් පියවා ගැනීමේ හැකියාව ලබා දී තිබුණු අතර ඒ අනුව වසර හතරක් අවසානයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තේ මණ්ඩලයට රුපියල් බිලියන හතළිස් දෙකයි දශම දෙකක් ලබා දී තේ මණ්ඩලය හරහා ඉරානයට තේ අපනයනය කිරීමට නියමිතව තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More