දේශීය පුවත්

පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් ඇමැති මණ්ඩලයට පත්කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය අවසන් කිරීමේ පුවත සැලකිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (4 වැනිදා) පස්වරුවේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ඒ විතරක් නොවෙයි මේ රට දීර්ඝ කාලයක් බලාගෙන සිටි, විද්වතුන්ගේ ඉල්ලීමක් වුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් දැනටමත් කෙටුම්පත් කර අවසන්. කෘෂිකර්මය, සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ජාතික ප්‍රතිපත්ති ඉදිරියේදී සම්පාදනය වනවිට බෞද්ධ උපදේශක සභාවේ අනුශාසනා අපි ඉවහල් කරගන්නවා.

අනාගතයේ මේ රට භාරගන්න ඕනෑම කෙනෙකුට ඒ ප්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගන්න පුළුවන්. රජයන්ට අනුව වෙනස් වන සමහර ප්‍රතිපත්ති නිසා අපේ රටට එල්ල වුණු පසුබෑම අපි නිවැරදිව අවබෝධ කරගෙන තිබෙනවා.

පසුගිය දිනවල මාසයක් පමණ මම ලංකාව පුරා සංචාරය කළා. විවිධ ආකාරයේ ජන කොටස් මුණගැහුණා. ඒ අයගේ අවශ්‍යතා දැනගන්න ලැබුණා. නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල්, පානීය ජලය වැනි ඉල්ලීම් තිබුණා. එම අවශ්‍යතා මම අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් කැබිනට් එකට පත් කරලා වැඩ කරන්න මම සූදානම්. නැවත මේ ප්‍රශ්න අහන්න නොතබන රටක් මම ගොඩනගනවා.

රාජ්‍ය සේවකයා ආකර්යක්ෂම නම් රට ඉස්සරහට යන්නේ නැහැ. අල්ලස, දූෂණය නැති රටක සංවර්ධන ඉලක්ක පහසු කරන බව ඔබ දන්නවා. ඒ වගේම පාතාලය, මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවලට අපි මේ සමාජය විනාශ කරන්න ඉඩ තියන්නේ නැහැ.

අපේ සංස්කෘතිය, සභ්‍යත්වය වසර දහස් ගණනක් රැකගත් අපේ උරුමය ගැන අපට නියම අවබෝධයක් ඕනෑ. පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් හදන සමාජය මුදල්වලින් ගොඩනගන්න බැහැ.

අතීතයේ රජ දරුවෝ ගත් මඟ ගනිමින් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කළ හැකි ගරු බුහුමන් කිරීමට රටේ නායකයා හැටියට මම බැඳී සිටිනවා. උන්වහන්සේ වැඩ සිටින භූමියේ නිදහස්, සාධාරණ, සාමකාමී එකක් බවට පත්කිරීමට අතීත සම්ප්‍රදාය අමතක නොකර මම වැඩ කරනවා. ඒක මගේ වගකීම.

ඒ නිසා දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පැවරිලා තියෙන ඓතිහාසික වගකීම් වගේම රජයක යුතුකම ඉටුකරන්න මම සූදානම්. අපේ අභිමානය, අපේ උරුමය රැකුනොත් පමණයි අනාගත පරපුරට රටක් පවතින්නේ.

රජය ගෙවී ගිය කාලපරිච්ජේදයේ ගත් තීන්දු තීරණ මගින් ඔබට ඒ දැක්ම අපි පෙන්වලා තියෙනවා. මේ රට සමෘද්ධිමත් කරලා යහපත් පුරවැසියෙක් නිර්මාණය කළාම ජාතික, ආගමික සහජීවනය ඇති කළහම අපේ උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානව ආරක්ෂා වන බවට මා විශ්වාස කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More