දේශීය පුවත්

අභිනව නවවැනි පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් 196 දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (05 දා) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා සිදු කිරීමට නියමිතය.

නව මන්තී‍්‍රවරුන් 196 දෙනා තෝරා ගැනීමට දේශපාලන පක්ෂ 28 කින් හා ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්ෂකයන් 7452 දෙනකු තරග කරනු ලැබීය.
ඡන්ද ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනකු සුදුසුකම් ලබා ඇති අතර රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඔවුන් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නියමිතය.

එම මධ්‍යස්ථාන අතර ඡුන්ද 2400 ට වැඩි මධ්‍යස්ථාන 53 ක් හා ඡුන්ද 1200 ත් 1600 ත් අතර මධ්‍යස්ථාන 4055 ක් වෙයි. වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ප‍්‍රමාණයක් පාසල් 8000 ක පිහිටුවීම ද විශේෂත්වයකි.

ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර ජංගම ආරක්ෂක සංචාර 3069 ක් සිදු කරනු ලබයි. සියලූ ආරක්ෂක කටයුතුවලට පොලිස් නිලධාරීන් 69000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

ඉකුත් මැතිවරණවලට සාපේක්ෂව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙවර ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබයි. එනම් ඡන්ද මධ්‍යස්ථානයට පිවිසෙන ඡන්දදායකයන් අවස්ථා තුනකදී දෑත් පිරිසිදු කිරීමට ලක් කරන අතර ඡන්ද සලකුණු කුටිය හා මධ්‍යස්ථානය වරින් වර විෂබීජහරණයට ලක් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද සලකුණු කිරීම පස්වරු 5.00 ට අවසන් කිරීමෙන් පසුව ආරක්ෂිත ලෙස ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැුගෙන යෑමට නියමිතය.

ඡුන්ද ගණන් කිරීම හෙට (06 දා) පෙරවරු 8.00 ට ආරම්භ වෙයි. ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 2367 කදී සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 444 කදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය හෙට දහවල් වනවිටත් ආසන මට්ටමින් පළමු ඡන්ද ප‍්‍රතිඵලය සවස්වරුව වනවිටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. සමස්ත ඡන්ද ප‍්‍රතිඵල මධ්‍යම රාති‍්‍රය වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More