දේශීය පුවත්

විවිධ වැටලීම්වලදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා ලබන 18 වන දා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (04) නියෝග කළේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයට වාර්තාවක් එවමින් මෙම සැකකරුවන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් දැනුම් දී තිබුණි.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම හෙරොයින් ජාවාරම සමඟ මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන ඇතුළත් වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 18 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More