දේශීය පුවත්

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පෙරේදා (09 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මහේෂ්වරන් මහත්මිය පෙරේදා දහවල් 2.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා රාත්‍රි 7.00 පමණ වනතෙක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌  පැවැසීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, ඝාතනයේ ප්‍රධාන සැකකරුවන ස්‌විස්‌කුමාර් ඇතුළු සැකකරුවෝ 9 දෙනෙක්‌ මේ වන විට බන්ධනාගාරගතව සිටිති.

විද්‍යා ඝාතනය සිදු වූ දින ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පොලිසියට භාර දීමෙන් පසු ඔහුට පලා යැමට ඉඩහරින ලෙස පොලිසියට නියෝග දුන් බවට වූ චෝදනාව යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බන්ධනාගාරගතකර සිටී.

ස්‌විස්‌කුමාර් නමැත්තා පලා යැමෙන් පසු ඔහු නැවත වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සිද්ධියේදී ප්‍රධාන සැකකරු පොලිස්‌ අත්අඩංගුවෙන් මුදා හැරීමට උදව් කළා යෑයි රාජ්‍ය ඇමැතිනියට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව රාජ්‍ය ඇමැතිනිය පෙරේදා ගෙන්වා සිදුකළ විමර්ශනවලදී ප්‍රධාන සැකකරුට පලායැමට ඇය උදව් කර ඇති බවට හෙළි කරගත හැකි සාක්‍ෂි නොමැති බවත්, ඇය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More