දේශීය පුවත්

මැකෝ ඉල්ලා අස්වෙයිද?

August 4, 2020 11:03 am | Lanka Lead News

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වෙමින් තිබේ.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බොහෝ දුරට මැතිවරණ කොමසාරිස්වටයා තම ඉල්ලා අස්වීම සිදු කිරීමට නියමිත බව එම වාර්තා වලින් කියවේ.

කෙසේ වුවද එළඹෙන සැප්තැම්බර් මාසයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නිළ කාලය අවසන්වීවමට නියමිතය.
විශ්‍රාම යාමේ දිනට කළින් තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීම එතුමාගේ අදහස වී ඇති බව වාර්තාවේ.

කුප්‍රකට රාජ්‍යය නොවන ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතාගේ සොහොයුරෙකු වන මහින්ද දේශප්‍රිය මහතා අවංක රාජ්‍යය නිළධාරියෙකු ලෙස කීර්තිය දිනාගත්තෙකු වුවද 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන කාල සීමාව තුළ කරළියට පැමිණි හඬපට දෙකකින් එතුමාගේ පක්ෂග්‍රාහිත්වය හෙළිදරව් වූ බව දේශපාලන විචාරකයන්ගේ අදහස වේ. ඔවුනට අනුව 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා තීරණාත්මක සහයෝගයක් ලැබුණු බව තුසිත හල් ඔළුව මහතාගේ යැයි කියවෙන සමාජ මාධ්‍යජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ හඬ පටයකින් කියැවුණි.

කෙසේ වුවද මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ තමන් විසින් මෙහෙයවනු ලබන අවසාන මැතිවරණය මෙම මහමැතිවරණය වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More