දේශීය පුවත්

යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදු වූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතු බවටත් අතුරුදහන් වූවන් සොයාබැලීමේ කාර්යාල වලට එරෙහිව වව්නියාව හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි විරෝධාතවන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිට හා කිලිනොච්චිය වියරවර් කෝවිල ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් පවසා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ තම දරුමුණුබුරන් සොයා බැලීමට හා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ලබා දීමට ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කල යුතු බවටත්යුද අපරාධ සිදු කරන ලද වරද කරුවන් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවටත්ය.

එමෙන්ම කිලිනොච්චියේදී විරෝධතාවයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ ,

යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද කාර්යාලය මගින් මෙතෙක් අතුරුදහන් වූවන්ට සාධාරණයක් ඉටු නොවී ඇති හෙයින් වහාම එම කාර්යාල ඉවත් කර ගැනීමටද රජය වහා පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More