දේශීය පුවත්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය.

මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව එක් එක් අදියර යටතේ නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මීට අමතරව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා තැබීම, ඡන්දය පැවැත්වෙන දිනයේ රාත්‍රී කාලයේ නිරීක්ෂණය කිරීම ආදිය සඳහා ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඇති වූ එකඟතාවය මත නියෝජිතයින් පත් කළ හැකි බව මැතිවරණ කොමිසම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More