දේශීය පුවත්

පොලිස් නිලධාරීන්ට ගිනි අවි දී ඇත්තේ දත් මැදීමට නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

නාරාහේන්පිට, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03දා) සවස පැවැති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවැසුවේය.

මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සහභාගි වූහ. මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,

1981 වසරේ දී තමයි ඡන්ද පෙට්ටි නියමිත මාර්ගයේ නොයා වෙනත් තැනක තිබිලා තියෙන්නේ. වයඹ ඡන්දය, ජනමත විචාරණය සහ 1981 වසරේ පැවැති යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම තමයි දූෂිත මැතිවරණ යටතට ගැනෙන්නේ. නමුත් පසුගිය වසර 40ක කාලයකින් එවැනි සිදුවීම් වාර්තාවෙලා නෑ. නමුත් ඡන්ද පොළට පැන පොරෝවලින් ගහලා, නිලධාරීන්ගේ ඔළුවට පිස්තෝල තියලා ඡන්දය දාපු අවස්ථා වාර්තා වූවා. නමුත් දැන් එවැනි සිදුවීම් වාර්තා වන්නේ නෑ යැයි පැවැසීය.

මැතිවරණයට පසු දින ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරුණද ඒවා සුරක්ෂිතව තැබීමට කටයුතු යොදා ඇති බවත්, ඡන්ද පෙට්ටි මාරු කිරීම ආදී කිසිදු කටයුත්තක් සිදු නොවනු ඇති බවත් සභාපතිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More