දේශීය පුවත්

ව්‍යාජ ජන්ද පත‍්‍රිකා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු 02 දා සවස හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකුගේ මනාප අංකය ලකුණු කරන ලද ව්‍යාජ ඡුන්ද පත‍්‍රිකා 150 ක් එහි තිබූ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවසූහ. ව්‍යාජ ඡුන්ද පත‍්‍රිකා සමඟ අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් එක් අයකු හෝමාගම, ගොඩගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පුද්ගලයා හිඟුරක්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි නවරත්න ඉඩම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනාවරණය වී ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි හිඟුරක්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍ර.පො.ප. බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙය වීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More