දේශීය පුවත්

අනිද්දා (05) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව ජ්‍යෙෂ්ඨ ඡන්ද පොළ ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ නිලධාරීන් අනුයුක්ත කිරීම සහ පුහුණු කිරීම මේ වන විට අවසන් අදියරේ පසුවන බව වාර්තා වේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කරන බවය.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ මෙවර ඡන්දය ගණන් කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර ඇති බවය.

‍හෙට දහවල් 01.00 ට පෙර ඡන්ද මධ්‍යස්ථාන වෙත ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් යොමු කරන බව අනුරාධපුර තේරීම්භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක මහතා ප්‍රකාශ කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 3 කදී ඡන්ද ගණන් කිරීම සිදුකරන බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී යූ.ඩී.සී ජයලාල් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, මැතිවරණ රාජකාරී සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

අදාළ පිරිස දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගී වූ බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More