දේශීය පුවත්

මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට, වාර්තා වී ඇති බව එරට ප්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

මේ පිළිබඳ විශේෂ වාර්තාවක් ගෙන එමින් “ද හින්දු පුවත්පත“ සඳහන් කළේ ජුලි මස මුල් භාගයේ දී “අංගොඩ ලොක්කා“ මියයාමෙන් පසු ඉන්දියාවේ මදුරෛයි නගරයේ දී ඔහුගේ දේහය ආදාහනය කර ඇති බවය.

මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ විසක් ශරිරගතකර ඉන්දියාවේ දී ඝාතනය කර ඇති බව පසුගියදා වාර්තා පළ වුණි.

කෙසේ වෙතත් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගිය බවක් මෙරට පොලීසිය විසින් නිශ්චිත ලෙස තහවුරු නොකළ අතර ඒ පිළිබඳ රාජතාන්ත්‍රීක මට්ටමින් සොයාබලන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර විශේෂ වාර්තාවක් ගෙන එමින් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවි දෙකක් වන “ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්“ සහ “ද හින්දු පුවත්“ වෙබ් අඩවි සඳහන් කරන්නේ “ආර්. ප්‍රදීප් සිං“ යන ව්‍යාජ නමකින් ඉන්දියාවේ වසර දෙකකට ආසන්න කාලයක් ජීවත් වු මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “අංගොඩ ලොක්කා“ පසුගිය ජුලි මස මුල්භාගයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ “ආර්.ප්‍රදීප් සිං“ යන ව්‍යාජ නමකින් පෙනී සිටි “අංගොඩ ලොක්කාගේ“ මරණය සම්බන්ධයෙන් සහ එම මරණයෙන් පසු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කොයිම්බතූර් පොලීසිය විසින් ජුලි මස 03 දින අත්අඩංගුවට ගෙන ඇති බවය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර “අමානි තන්ජි“ නම් 27 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්ද, “සිවකාමි සුන්දාරි“ නම් 36 හැවිරිදි ඉන්දියාවේ මදුරෛයිහි පදිංචි කාන්තාවක් සහ ඉන්දියාවේ තිරුපූර්හි පදිංචි 32 හැවිරිදි “එස් ඩයනේස්වරන්“ නම් පුද්ගලයෙකු සිටින බව මෙම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේය.

ප්‍රශ්නය – “අංගොඩ ලොක්කා ඉන්දියාවේදි මියගියා කියලා ආරංචියක් ආවා. ඒ එක්කම ඊයේ අපිට දැන් ආරංචියක් එනවා ඉන්දියාවේදි නම වෙනස් කරලා ඉන්නවා කියලා. ඒ නම වෙනස් කිරීමට අදාළව පුද්ගලයෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා සාක්ෂි පවා දිලා තියෙනවා කියලා.“

පොලිස් මාධ්‍ය ප්‍රකාශක –  “දැනට මියයාමක් හෝ නම වෙනස් කිරීමක් අනාවරණය වෙලා නැහැ“

ප්‍රශ්නය – “ඉන්දියාවේ පොලීසිය යම් අවස්ථාවක තහවුරු කළා නේද අංගොඩ ලොක්කා ඉන්දියාවේදි මිය ගියා කියලා. එක ශ්‍රී ලංකාවේ පොලීසියට දැනුම්දීමක් වෙලා නැද්ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක – “රාජ්‍ය තාන්ත්‍රීක ක්‍රමවේදයකට කටයුතු කරන්නේ. අවශ්‍ය පියවර අරන් තියෙනවා“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More