දේශීය පුවත්

ජාතික සංවිධාන ඉල්ලා සිටින පරිදි ආණ්ඩුවේ අරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් නොව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බවට බැසිල් රාපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලබා දුන් ප්‍රකාශය ඔහුගේ වචනයෙන්.

” බැසිල් රාපක්ෂ මහතාගේ ප්‍රකාශය අප ඉතා ඉහළින් අඟය කරනවා. ජනතාව විසින් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා තුනෙන් දෙකේ බලයක් ලබාදුන්නොත් ඒක විශේෂ තත්වයක්.

නමුත් නව ව්‍යවස්ථාවක රාමුවක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළා නම් එසේ තුනෙන් දෙකක බලයක් දිම සඳහා ජනතාවට තිබෙන පෙළඹවීම වැඩි වෙනවා. ආණ්ඩුව එසේ නොකළ බැවින් බැසිල් රාජපක්ෂ මහත‍ා කියන විදිහට 135 ක් ලැබුනහොත් රනිල්, සජිත්, සම්බන්ධන් යන  කාගෙන් සහය ලබා ගත්තත් බෙදුම්වාදී ජාතිවාදී බලවේග වලට යටත් වෙලා තමයි ඒක කරන්න වෙන්නේ.

ඒ නිසා ජාතිවාදී ආගම්වාදී බටහිර සහ ඉන්දීය ඒජන්තවරුන්ගෙන් සහය අරගෙන 19 ය සංශෝධනය කරන්න ගියොත් 13 බලාත්මක කිරීමේ සංශෝධන කප්පම් ලෙස ගේන්න වෙනවා. ඒ නිසා ඒක නොකරන බවට බැසිල් රාපක්ෂ මහතා ප්‍රතිඥාවක් දීම අපි අගය කරනවා. ඒක කැඩුවහොත් අපට ආණ්ඩුව සමඟ මාරාන්තික සටනකට යන්න වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More