දේශීය පුවත්

අන්තවාදීන්ගේ සහාය නොමැතිව ආණ්ඩු හැදූ තමන් ඇතුළු පිරිස් ඉදිරියේ ද රජයට අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරණයට පෙර මෙවැනිම හිරු බලය වැඩසටහනක් හා එක්වෙමින් අසාත් සාලි, රිෂාඩ් බදියුඩීන් වැනි පිරිස් සිටින ආණ්ඩුවකට සම්බන්ධ නොවන අතරම සිය සහය ලැබෙන ජනපති අපේක්ෂකයාට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර සිටි බවයි.

එය එලෙසින්ම එදා ඉටු කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.

තමන් සහ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරා කටයුතු කළ අතර ආණ්ඩුව බිහි කිරීමට දැක්වූ දායකත්වයම ආණ්ඩුව හරිමග ගෙන යාමට ද දක්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More