දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතය.

ඒ  08වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ එහි සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

කථානායක නිළ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සෙසු සාමාජිකයින් එක්වීමට නියමිතය.

මෙහිදී, මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව මුදල් කොමිසම, සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක්කෙරුණු ඇති.

අද දිනයේ රැස්වෙන ව්‍යවස්ථා සභාව අටවන පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම වේ.

08වන පාර්ලිමේන්තු කාලය තුළදී ව්‍යවස්ථා සභාව අවස්ථා 93කදී රැස්වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More