දේශීය පුවත්

මෑත ඉතිහාසයේ පැවැති මැතිවරණවලට වඩා මෙම මහ මැතිවරණය ඉතාමත් සාමකාමී මුහුණුවරක් ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (2 දා* පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෝස්ටර්, බැනර් ප‍්‍රචාරක කටයුතුවලින්

බැහැර වීමට පියවර ගැනීම නිසා බොහෝ දේශපාලන පක්‍ෂ නායකයන්, ජනාධිපතිතුමා ගත් කි‍්‍රයාමාර්ගය අනුගමනය කිරීමෙන් රට ඉතා සාමකාමී මුහුණුවරක් ගත් බව අජිත්

රෝහණ මහතා පැවසීය. ඉදිරි දින කීපය තුළත් මෙම සාමකාමී තත්ත්වය ඇතිවිය හැකි බව විශ්වාස කළ හැකි යැයිද හෙතෙම කීවේය.

මෙම සාමකාමී තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පොලිසිය ආරක්‍ෂක කි‍්‍රයා මාර්ග රැුසක් ගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මැතිවරණය ඉලක්ක කරගෙන  අන්තර්ජාලය මගින් දේශපාලනඥයන්ට මඩ ගැසීම සහ අපහාස කිරීමෙන් වළකින ලෙසත් එවැනි පුද්ගලයන් පිළිබඳව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

මැතිවරණ සමය තුළ රට ඉතාමත් සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට සහාය දෙන දේශපාලන පක්‍ෂ නායකයන්ට සහ ආසන සංවිධායකයන්ට පොලිස් මූලස්ථානය ස්තූතිය පළ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More