දේශීය පුවත්

අන්තර් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීමට අපේක්ෂිත සිව් මහ වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ, යාපනය සහ ත්‍ර්‍රිකුණාමලය මෙලෙස සිව් මහා වාණිජ නගර අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්කයි.

සිව් මහා නගරවල වරාය සහ ගුවන් තොටුපළ කේන්ද්‍ර කර සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළඳපොළ හා තරඟ කරන රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

තිස්සමහාරාම බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිවරයා සිය චාරිකාව ආරම්භ කළේ ය.

පානීය ජල ගැටළුව සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් මෙන්ම ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බවයි ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොළ භූමියේ පැවති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මත් උවදුර තුරන් කරන ලෙ සූරියවැව නගරයේ සංවිධානය කර තිබූ හමුවේදී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

මීට අමතරව හම්බන්තොට – වෙරළ උද්‍යානයේ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට ද ජනාධිපතිවරයා එක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More