දේශීය පුවත්

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පසුදින ආරම්භ වන නිසා ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

විශේෂයෙන්ම මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණයට තරඟ කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් දෙදෙනෙකු බැගින් යෙදවිය හැකි අතර ඔවුන්ට රාත්‍රී කාලයේ එම මධ්‍යස්ථානයේ රැඳී සිටිය හැකි බවත්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිටතට නොපෙනෙන පරිදි වෙනදා මෙන් කළු කඩදාසිවලින් ආවරණ නොකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා කිවේය.

එබැවින් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට එහි ඇතුළත දිස්වන බැවින් කිසිඳු සැකයක් ඇතිවන්නේ නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන ගොස් ගණන් කිරීමේ නිලධාරියාට භාර දුන් පසු මෙවර රාත්‍රිෙය්ම ගණන් නොකරන නිසා එම ඡන්ද පෙට්ටි තව විශාල පෙට්ටියක ඇතුළු කර සීල් තැබීම ද සිදුකරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යන කුඩා ඡන්ද පෙට්ටිමත මෙන්ම ඒවා ඇතුළු කරන විශාල ප්‍රමාණයේ පෙට්ටියෙහි ද තම පක්ෂයට අනන්‍ය කුමන හෝ ස්ටිකරයක්, නැතිනම් අත්සන යෙදූ සුදු කඩදාසියක් ඇලවීමේ අවස්ථාව පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින්ට හිමිවන බව හෙතෙම කිවේය.

රාත්‍රියේ අලවන එම ස්ටිකරය හෝ සළකුණ පසුදින උදෑසනත් එහි ඇත්ද යන්න ඔවුන්ට පරික්ෂා කළ හැකි බව ඔහු පැවසීය.

මෙම ස්ටිකර්වල දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලාංඡන, පක්ෂ නියෝජිතයින්ගේ ඡායාරූප ආදිය නොතිබිය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම ඡන්ද පොලේදී පත්‍රිකා ඇතුළු කිරීමට පෙර ඡන්ද පෙට්ටිය හිස් බව තහවුරු කිරීමෙන් අනතුරුව එයට ඉබි යතුරු දමා ලොක් කිරීම මෙන්ම ඡන්ද පෙට්ටියේ ඇති සිදුරුවලින් රතු පැහැ පටි දමා ගැටගැසීම සිදුකරන බව කී මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද පත්‍රිකා දමා අවසන් වූ පසු ඉබි යතුරු දැමූ ස්ථානය ද ආවරණය වන පරිදි එම පෙට්ටි විශාල ප්‍රමාණයේ මැතිවරණ කොමිසන් සභාවේ සීල් සහිත ටේප් පටියකින් සිල් තැබීම සිදුවන බව ද කීවේය.

ඉන්පසු ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ හා සෙසු නිලධාරින්ගේත්, දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේත් අත්සන් සහිත පත්‍රිකාවක් ඉබි යතුරු යෙදූ ස්ථානය ආවරණය වන අයුරින් අලවා ඡන්ද පෙට්ටිය පොලිතින් කවරයක දමා අංකයක් සහිත ප්ලාස්ටික් ටැග් එකකින් යළින් සීල් තබන බැවින් ඒවා කිසිසේත් මාරු කළ නොහැකි බව හෙතෙම පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ද යොදවා ඇතැයි කී සභාපතිවරයා එම ස්ථානයට ගිනි පෙට්ටි, දුම්වැටි, මත්පැන් වෙනත් මත්ද්‍රව්‍ය ගෙන ඒම තහනම් බවද කිවේය.

රාත්‍රී කාලයේදී ඡන්ද පෙට්ටි තුළට වෙනත් ඡන්ද පත්‍රිකා ඇතුළු කළ හැකි බවට ඡන්ද පත්‍රිකා මාරු කළ හැකි බවට ජනතාව අතර මතයත් ගොඩනැගී ඇති නමුත් එය කෙසේ වෙතත් කළ නොහැකි බව ද මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා කිවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More