දේශීය පුවත්

වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇත.

හම්බන්තොට වරායට පැමිණි එක නැවකින් වාහන 121ක්ද, තවත් නැවකින් එක් වාහනයක් ලෙස එම වාහන එවා තිබිණි.

වාහන එකසිය විසි දෙක අතර කුඩා මෝටර් රථවලට අමතරව බස් රථ හා ලොරි රථ ඇති බවට හම්බන්තොට වරායේ ආරංචි මාර්ග පවසයි. පසුගිය මැයි 22 දින නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මෙරටට ආනයනය තහනම් කළ භාණ්ඩ අතර මෝටර් රථද ඇතුළත් වේ. එහෙත් එම ගැසට් නිවේදනයේ ඇති අපහැදිලි කරුණු මත ජූලි 16 වන තෙක් වරායට පැමිණ තිබූ වාහන සඳහා පෙර පැවති තත්ත්වය යටතේ ඒවා නිෂ්කාෂණය කර ගැනීමට අවස්ථාව ලබාදී තිබිණි. එහෙත් මෙම වාහන 122 එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ඇනවුම් කළ ඒවා බව හඟවමින් නිදහස් කරගැනීමට සැලසුම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More