දේශීය පුවත්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් විසින් බිහිකළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

පසුගිය සිකුරාදා (31) ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් විසින් දරුවෙකු බිහි කළේය.

මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී මෙම සැත්කම සිදු කළේය.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය සිකුරාදා (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි.

ඇය කොවිඩ් ආසාදිතයෙකුවීම නිසා මෙම දරු ප්‍රසූතිය ප්‍රවේශමෙන් කළ යුතු විය.

මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි.

එබැවින් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු එක් වී තිබේ.

ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පසුව නිරෝගී තත්ත්වයේ සිටියද දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

කෙසේවෙතත් එම දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More